පාද 1300කින් යුත් පත්තෑයා

ලොව මෙතෙක් හමු වුණු වැඩිම පාද සංඛ්‍යාවක් ඇති සත්ත්වයා ලෙස සැලකෙන පත්තෑයකු ඔස්ට්‍රේලියාවෙන් හමුවී තිබේ. පාද 1300කින් පමණ යුත් ළා පැහැති මෙම සත්ත්වයා දිගින් මිලිමීටර 95ක් පමණ වේ.

යුමිලිපිස් පර්සෙෆෝන් (Eumillipes persephone) ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මෙම සත්ත්වයා හමුවී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ ආකර කලාපයක මීටර 60ක් (අඩි 200ක්) ගැඹුරු ස්ථානයකදීය.

මීට පෙර වැඩිම පාද ගණනක් හිමි සත්ත්වයා ලෙස හඳුනාගෙන තිබුණේ කැලිෆෝනියාවෙන් හමු වූ පාද 790ක් සහිත පත්තෑ විශේෂයකි. පත්තෑයාට මිලිපීඩ් (MILLIPEDE) යන නම ලැබී ඇත්තේ පාද දහසක් සහිත යන ​තේරුම ඇතිවය. කෙසේ වුවත් පාද දහසක් ඇති කිසිදු සතකු මීට පෙර හමු වී නොතිබූ බව නව සොයාගැනීම සිදුකළ පර්‌යේෂණ කණ්ඩායමේ ප්‍රධානී පෝල් මරෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. ඔහු වර්ජිනියා ටෙක් ආයතනයේ කීට විද්‍යාඥයෙකි. ඔවුන්ගේ සොයාගැනීම පිළිබඳ තොරතුරු සයන්ටිෆික් රිපෝට් සඟරාවේ අලුත්ම කලාපයේ පළ කර තිබේ.

මෙම පත්තෑයාගේ විද්‍යාත්මක ‘ගන’ නාමය වන ‘යුමිලිසිස්’ යනු සත්‍ය වශයෙන් පාද දහසක් ඇති යන්නයි. පර්සිෆෝන් යන්න යොදා ඇත්තේ ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් වන පාතාලයේ රැජනගේ නම සිහිවීමටය. බොහෝ පාංශු ජීවීන්ට මෙන් මෙම පත්තෑයන්ටද ඇස් පිහිටා නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10