පාද යාත්‍රාවක් යන්න විදෙස් හිමිවරුන් 70ක් දිවයිනට

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන පැමිණ මෙරට සියම් මහා නිකාය ආරම්භ කර වසර 270ක් සපිරීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා 70 නමක් පාද යාත්‍රාවක් සඳහා පැමිණ තිබෙනවා.

ඒ තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය නියෝජනය කරමින්.

ගම්පහ කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මහනුවර සහ ශ්‍රීපාදස්ථානය ආවරණය වන පරිදි මාසයක කාලයක් පාද චාරිකාවේ නිරත වීමට නියමිතයි.

එහිදී එම භික්ෂූන් වහන්සේලාට මුණ ගැසෙන ගම් නගරවල සිටින ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අද උදෑසන තායිලන්තයේ සිට පැමිණි මෙම ස්වාමීන් වහන්සේලා පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් උත්සවයක් ද සංවිධාන කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?