පාතාල සාමාජික සමන්කොල්ලාගේ නිවසට වෙඩි ප්‍රහරයක් (වීඩියෝ)

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදෙශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන්කොල්ලා’ නැමැත්තාගේ නිවසට අද (14) අලුයම ⁣වෙඩි ප්‍රහරයක් එල්ල වී තිබෙනවා.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීම වන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?