පාතාලෙන් සොයාගත් වත්කම් දේපළ ගැන පොලිසියෙන් අනාවරණයක්

2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් කෝටි 3,902ක් මේ වන විට රජය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අද (14) දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේ පළමු වනදා සිට මේ දක්වා වත්කම් රුපියල් කෝටි හැත්තෑ තුනක දේපළ ක්‍රියා විරහිත තත්ත්වයට පත් කර ඇති බවත්, එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එලෙස ක්‍රියා විරහිත කර ඇති දේපොළ අතර රත්‍රං පවුම් 354ක්, මෝටර් රථ 72ක්, සුඛෝපභෝගී නිවාස 35ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක්, මුදලින් රුපියල් හැටහත් කෝටියක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?