යළි කිසිම දිනක රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයට රට ගොඩනැඟීමට කටයුතු කරන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව අද (17) පෙරවරුවේ එක්වෙමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර තමන් නීතියට වඩා උඩින් සිටිනවා යැයි සිතූ පිරිස් වෙත මේ වනවිට නීතිය ළඟා වෙමින් පවතින බවත් එය කිසිඳු බලවේගයකට නැවත්විය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
දේශපාන සංස්කෘතියේ පිරිහීම විසින් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ගොදුරක් බවට රටත් පත්කළ බව ද ජනාධිපතිවරයා පැවසුවා.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති, ඔවුන්ගෙන් මාස්පතා මුදල් ලබාගත් හිටපු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.





