පාතාලයට ඇමති ටිරාන්ගෙන් පණිවුඩයක් – මෙහෙයුම් හෙට අලුයම සිට

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා පොලීසියට සහාය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් හෙට අලුයම සිට දියත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද (16) පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරගන්න මම එකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි. දැන් අරගලය කලෙත් වුණේ අරගලයේ ලීඩස්ලාට පිට රටින් සල්ලි ආවා. හැබැයි අසරණ ජනතාවට සත පහක්වත් ආවේ නෑ. මගේ එකම පණිවුඩය තමයි කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න කිසිම අවිශ්සවායක් තියන්න එපා. අද ඉඳලා කුඩු විකුණන එක්කෙනක් හරි අහුවුනොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්න එපා. පාතාලේට මං දීලා තියනවා පණිවුඩයක්, ඒ දේවල් නැවැත්තුවේ නැත්නම් අපි හොයාගෙන එනවා හොයාගෙන ඇවිල්ලා එහෙම ගියාම වෙඩි හුවමරු වෙනවා. ඒ ගෝල්ලෝ මැරෙනවා ඒක නවත්වන්න බෑ. එහෙම නිකන් මැරුම්කරවට වඩා හොද නැද්ද ඒ වැඩ නවත්තලා තමන්ගේ ළමයි පවුලේ අයත් එක්ක ඉන්න එක. හෙට එළිවෙන්න ඔපරෙෂන්ස් පටන් ගන්නවා හැම තැනම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46