පාණ්ඩ්‍යා යළිත් මුම්බායි පවුල සමඟ එක්වීමේ සූදානමක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හෙළි නොකළ හුවමාරු ගාස්තුවක් හර්දික් පාණ්ඩ්‍යා වෙත ගෙවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගනුදෙනුව සිදුවුව හොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ විශාලතම ක්‍රීඩක ගනුදෙනුව මෙය වනු ඇති බවයි.

2015 වසරේ දී අයි.පී.එල්. ගමන ආරම්භ කළ හර්දික් පාණ්ඩ්‍යා එම වසරේ සිට 2021 වසර දක්වා මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව සිටියා.

කෙසේ වෙතත් 2022 වසරේ මෙගා වෙන්දේසියකටම පෙර හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමෙන් නිදහස් කිරීමටයි මුම්බායි ඉන්දියන්ස් කටයුතු කළේ.

එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඔහු 2022 තරගාවලියේ දී නායකයා ලෙස කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 15කට එක්කර ගනු ලැබුවා.

එහිදී පාණ්ඩ්‍යා 2022 සහ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි දෙක තුළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, 2022 වසරේ ශූරතාවය තම කණ්ඩායමට හිමිකරදීමට ද ඔහුට අවස්ථාව උදාවුණා.

නිමා වූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අනුශූරයින්වීම දක්වා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙහෙයවූයේ ද පාණ්ඩ්‍යා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?