පාණ්ඩ්‍යාගේ අයි.පී.එල් සහභාගීත්වය අවිනිශ්චිතයි ?

නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී වළලුකර ආබාධය ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාව එක්වන මීළඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ඔහුගේ සහභාගීත්වය සැක සහිත බවයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කරන්නේ.

අලුතින් පත් වූ මුම්බායි ඉන්දියන්ස් නායකයා එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිත වේලාවට යථා තත්ත්වයට පත් නොවනු ඇති බවයි එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා එම තනතුරින් ඉවත් කරමින් හර්දික් පාණ්ඩ්‍යා 2024 අයි.පී.එල්. තරගාවලියේ සිට මුම්බායි පිළේ නායකත්වය සඳහා පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පාණ්ඩ්‍යාගේ මෙම අවිනිශ්චිත තත්ත්වය එළඹෙන තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් රෝහිත් ශර්මාගේ උරමත පැටවෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායම එළඹෙන ජනවාරියේ දී ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා සිය මව්බිමේ දී එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29