spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාණ්ඩ්‍යාගේ අයි.පී.එල් සහභාගීත්වය අවිනිශ්චිතයි ?

නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී වළලුකර ආබාධය ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාව එක්වන මීළඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ඔහුගේ සහභාගීත්වය සැක සහිත බවයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කරන්නේ.

අලුතින් පත් වූ මුම්බායි ඉන්දියන්ස් නායකයා එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිත වේලාවට යථා තත්ත්වයට පත් නොවනු ඇති බවයි එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා එම තනතුරින් ඉවත් කරමින් හර්දික් පාණ්ඩ්‍යා 2024 අයි.පී.එල්. තරගාවලියේ සිට මුම්බායි පිළේ නායකත්වය සඳහා පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පාණ්ඩ්‍යාගේ මෙම අවිනිශ්චිත තත්ත්වය එළඹෙන තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් රෝහිත් ශර්මාගේ උරමත පැටවෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායම එළඹෙන ජනවාරියේ දී ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා සිය මව්බිමේ දී එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?