පාඨලීගෙන් මහින්දානන්දට අභියෝගයක්

ආණ්ඩුව රටේ ඩොලර් සංචිතය නැති කරේ මහා ජඩ විදිහට බවත් දැන් රහස් පොලීසියක් රටේ නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ඊයේ (18) පස්වරුවේදී ඇල්පිටියේදී කීවේය.

පාඨලී චම්පික මහතා එසේ කීවේ  පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ දෙවැනි සංවත්සරය නිමිත්තෙන් ඇල්පිටිය පොරවගම පිහිටි එම සංගම් මූලස්ථානයේ පැවති උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින්ය.

“නැනෝ යූරියා පොහොර ගෙනාවේ කොහොමද ඩොලර් හයේ එක මහින්දානන්ද උන්නැහේ ගෙන ආවේ ඩොලර් විසිපහට. එකට හාරසීයට ගැහැව්වේ.කොම්පැනියක් හදනවා. ජෝඩුවක් එක්කාසුවෙලා. ඒ ජෝඩුව කොම්පැනිය රෙජිස්ටර කරන්න කියලා රෙජිස්ටාර් කොම්පැනියට යවනවා නොවැම්බර් දාහත හෝ දහ අට වැනිදා. මහින්දානන්ද මහත්තයා කැබිනට් පත්‍රිකාවක්  දානවා පොහොර ගේන්න කියලා. හැබැයි වෙනත් කොම්පැනියක් හරහා දහනව වැනිදා පොහොර ටික එනවා දහනව වැනිදාම. අරගොල්ලෝ එකවුන්ට් එකක් දානවා ඒ එකවුන්ට් එකට සල්ලි යනවා. සල්ලි ටික රටෙන් පාස් කරලා දෙනවා.

බලන්න මිත්‍රවරුනි මොනතරම් ජඩ විදිහටද මේ රටේ ඩොලර් ටික නාස්ති කළේ.අපේ ළමයින්ට බෙහෙත් නැහැ.අපේ ගොවියාට පොහොර නැහැ.ඒ වුනාට ජාවාරම්කාරයෝ මේ පොහොරවලින් දියවර පොහෝරවලින් ගසා කන තත්ත්වයයි තියෙන්නේ.ඒක නිසා මම විවෘත අභියෝගයක් කරනවා මහින්දානන්දට පුළුවන්නම් මේ ප්‍රකාශයට විරුද්ධව මට නඩු දාන්න.උසාවියෙදී අපි පෙන්වන්නම් කොහොමද කරපු වංචාව කියලා.

මොකද රහස් පොලීසියනම් ඕවා කරන්න යන්නේ නැහැ.මේ රටේ රහස් පොලීසියක් නැහැ.අපිව අරන් ගිහිල්ලා ප්‍රශ්න කරන තැනක් මිසක් මේ රටේ යුක්තිය ඉටු කරන තැනක් නොවේ රහස් පොලීසිය කියන්නේ.ඒ රහස් පොලීසියේ ඩීඅයිජී මහත්වරු ඇතුළු සියලුදෙනාටම අනාගතයේදී මේවාට වග උත්තර බදින්නවෙන විත්තිය විතරක් අපි ඒ අයට මතක් කරනවා.මොකද නීතියට පිටින් සියළුදේ කරගෙන යන්නේ.ඒ අය මතක තබා ගන්න ඕන.

මේවා මේ රටට කරන ලද සහසික අපරාද.පොදු දේපල යටතේ කරපු අපරාද.පැමිණිළි තියෙනවා පැමිණිළි සම්බන්ධයෙන් විභාග කරන්නේ නැහැ.අද අන්න ඒ තත්ත්වයයි රටේ තියෙන්නේ.ඒ නිසා අපි ගොවි ජනතාවගෙන් වැඩකරන ජනතාවගෙන් මේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ විසදන්න බැරි ප්‍රශ්න විසදන්න ක්‍රම වේදයක් හදන්නට ඕන කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46