spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ වැටුපට කට් එකක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවීමත් සමඟ පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව සමාලෝචනය කිරීමට අවදානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ක්‍රීඩකයින්ට ලබා දී ඇති මධ්‍යම කොන්ත්‍රාත්තු නැවත තක්සේරු කරන ලෙස ඇතැම් නිලධාරීන් සහ හිටපු ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයාට උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්ගේ වැටුප් අඩු කිරීමට ද අවදානය යොමුව ඇති බව සඳහන්.

මේ අතර පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භයට පෙර සඳහන් කර තිබුණේ තරඟාවලිය ජයග්‍රහණය කළහොත් සෑම ක්‍රීඩකයෙකුටම ඩොලර් 100,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන බවයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට ‘A’ කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්ථානයට තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී මූලික වටයෙන්ම ඉවත්වීමට පසුගිය සිකුරාදා සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
11
+1
1
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?