පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට පාකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.
ඒ, බංග්ලාදේශය අතර පැවති තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමත් සමඟයි.
පාකිස්ථානයේ මෙම ජයත් සමඟ අවසන් පූර්ව වටයට පැමිණීමේ තිබූ බංග්ලාදේශ බලාපොරොත්තුව ද අද බොඳව ගියා.
ඒ අනුව මේ වනවිට නවසීලන්ත, එංගලන්තය, පාකිස්ථානය සහ ඉන්දියාව 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබා සිටිනවා.
සුපිරි 12 වටයේ පැවැත්වෙන අවසන් තරගය අද පස්වරුවේ ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




