AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයට භාරකාර අගමැතිවරයෙක්

පකිස්ථානයේ භාරකාර අගමැති ලෙස සෙනෙට් සභික අන්වාර්-උල්-හක් කකාර් නම් කිරීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස් එකඟ වී තිබෙනවා.

බොලොකිස්තානයේ නිරිතදිග පළාතේ එතරම් ප්‍රසිද්ධ නැති දේශපාලනඥයෙකු වන කකාර්, නව රජයක් තේරී පත් වන තෙක් රට මෙහෙයවීමට කැබිනට් මණ්ඩලයක් නම් කර නායකත්වය දෙනු ඇති.

අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඒකාබද්ධව අත්සන් කර ඇති ගිවිසුම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යවන බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ.

ජනාධිපතිවරයා ස අරිෆ් අල්වි කකාර්ගේ පත්වීම අනුමත කළ බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පකිස්ථාන ව්‍යවස්ථාව යටතේ මධ්‍යස්ථ භාරකාර රජය ජාතික මැතිවරණ අධීක්‍ෂණය කරන අතර එය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමෙන් දින 90ක් ඇතුළත පැවැත්විය යුතුයි.

ආර්ථික කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අපේක්ෂකයාට අමතර බලතල හිමිවන නිසාත්, මැතිවරණය මාස හයක් තරම් ප්‍රමාද විය හැකි බවටත් බියක් පවතින නිසාත් මෙවර භාරකාර අගමැති තේරීම ඉහළ වැදගත්කමක් ගෙන දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවට ෆෙඩරල් සහ පළාත් මැතිවරණ කොට්ඨාශ සිය ගණනක් සඳහා නව මායිම් සකස් කළ යුතු අතර, එය මත පදනම්ව එය මැතිවරණ දිනයක් ලබා දෙනු ඇති.

වැඩ බලන අගමැතිවරයා ලෙසට පත්වූ කකාර් 2018 වසරේ සිට පකිස්ථානයේ සෙනෙට් සභාවේ හය වසරක කාලයක් නියෝජනය කරනවා.

ඛනිජ වලින් පොහොසත් නිජබිම වන බලුකිස්තාන් පළාත පකිස්ථානයේ ප්‍රමාණයෙන් විශාලතම නමුත් ජනගහනයෙන් කුඩාම වන අතර දශක ගණනාවක් තිස්සේ ප්‍රචණ්ඩකාරී ජාතිකවාදී කැරැල්ලකට තෝතැන්නක් වූ ප්‍රදේශයක්.

කකාර් සෙනෙට් සභාව විසින් ස්වාධීන දේශපාලනඥයෙකු ලෙස ලැයිස්තුගත කර තිබුණ ද ප්‍රාදේශීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ හමුදාවට සමීප යැයි පුළුල් ලෙස සැලකෙන Balochistan Awami පක්ෂයේ කොටසක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමන්ට තමන් ඉන්නවා - කියන තැන ඉඳලා සතුටුවෙන්න
05:25
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31

?