AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ කොටින්ට නපුරු කලක්

පකිස්ථානයේ දැනටමත් බරපතළ ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති කොටි ගහණය මිනිසුන් සමග ගැටුම් වැඩිවීම, වන ගහණය ක්ෂය වීම සහ නීතිවිරෝධී දඩයම් කිරීම ඇතුළු තර්ජන රාශියකට මුහුණ දී සිටින බවට සංරක්‍ෂකයින් අනතුරු අඟවනවා.

WWF-Pakistan හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රබ් නවාස් පවසන පරිදි, විශේෂයෙන් නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශවල, ගහනය ඉහළ යාමේ යම් සලකුණු තිබියදීත්, පාකිස්තානයෙන් කොටි සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ බරපතළ අවදානමක් ඇති ව තිබෙනවා.

ඉස්ලාමාබාද් අගනුවර Margalla Hills ජාතික වනෝද්‍යානය, වයඹදිග Khyber Pakhtunkhwa (KP) පළාතේ Ayubia ජාතික වනෝද්‍යානය සහ පකිස්තාන් පාලිත කාශ්මීරයේ Machiara ජාතික වනෝද්‍යානය වැනි පකිස්ථානයේ කොටි සඳහා ආරක්ෂිත ප්‍රදේශ ඇත්තේ අතලොස්සක් පමණයි.

නවාස් පැවසුවේ නිවැරදි සංඛ්‍යාව තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයක් කර නොමැති නමුත් ඇස්තමේන්තුවලට අනුව පකිස්තානයේ කොටි ගහණය දැනට 100 ගණනක් බවයි.

KP හි වැඩිම ගහණයක් ඇති බව විශ්වාස කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?