පාකිස්තානයෙන් අඛණ්ඩව සත්වැනි දිනටත් ඉන්දීය දේශ සීමා වෙත වෙඩි – ජයිශංකර් අමෙරිකාවෙන් යුක්තිය ඉල්ලයි

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් හි පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සහාය දැක්වූවන් සහ එය සැලසුම් කළ තැනැත්තන් වහාම නීතිය හමුවට පමුණුවීමට සහාය දක්වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සමග කළ සාකච්ඡාවක දී බවයි.

එස්. ජයිශංකර් සිය නිල X ගිණුමෙහි එය සඳහන් කර ඇත්තේ;

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව ඊයේ (30) එක්සත් ජනපද Rubio සමඟ සාකච්ඡා කළා. වැරදිකරුවන්, අනුග්‍රහකයන් සහ සැලසුම්කරුවන් නීතිය හමුවට පමුණුවා ගත යුතුයි,” යනුවෙන් ජයිශංකර් සඳහන් කර සිටිනවා.

ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව (LoC) ඔස්සේ පකිස්තානය විසින් සටන් විරාම උල්ලංඝනය කිරීම් ඉහළ යාමෙන් පසුව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඊයේ එස්. ජයශංකර් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා.

මෙය දූරකථන සංවාදයක් වූ අතර එහිදී රුබියෝ කියා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදයේ කැපවීම තම රාජ්‍යය සනාථ කරන බවයි.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දීය රජය සිය සන්නද්ධ හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදීම පෙරේදා (28) සිදු කළා.

ඒ අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුවයි.

පාකිස්තානය සහ ඉන්දු දේශ සීමාව හරහා අප්‍රේල් 30- මැයි 01 වන දින අලුයම් කාලය උදාවන විට, පකිස්තාන හමුදාව අඛණ්ඩව හත්වන රාත්‍රියේ ද කුප්වාරා, උරි සහ අක්නූර් යන ප්‍රදේශවල පාලන රේඛාව (LoC) හරහා අවි ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ඊට ඉන්දීය හමුදාව ප්‍රතිචාර දක්වා ඇති බවයි hindustantimes පුවත් සේවය වාර්තා කළේ.

ඒ හා සමානව, අප්‍රේල් 26-27 දින රාත්‍රියේ ටුට්මාරි ගාලි සහ රාම්පූර් ප්‍රදේශවලට විරුද්ධ ප්‍රදේශවල සීමා රේඛාව දිගේ සිදු වූ වෙඩි තැබීමට ඉන්දීය හමුදාව තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ආරක්ෂක හමුදා කාශ්මීර නිම්නයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වේගවත් කර ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26