පාකිස්තානයට පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය – දෙවැනි කඩුල්ලට ශතකය ඉක්ම වූ නොබිඳුණු සබඳතාවක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (07) ආරම්භ වුණා.

ඒ පාකිස්තානයේ මුල්තාන් නුවර ක්‍රීඩාංගණයේ දීයි.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායම දිනා ගත්තා.

පාකිස්තාන කණ්ඩායමේ නායක ශාන් මසූඩ් (Shan Masood) තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පළමු ඉනිමේ පිතිකරණය අරඹමින් පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස අබ්දුල්ලා ශාෆික් (Abdullah Shafique) සහ සයිම් අයුබ් (Saim Ayub) පිටියට පැමිණියා.

නමුත් ඔවුන්ට පිතිකරණයෙන් සාර්ථක වන්නට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එංගලන්තයේ වේග පන්දු ක්‍රීඩක Gus Atkinson යොමු කළ පන්දුවකට Jamie Smith විසින් රැක ගන්නා ලද උඩ පන්දුවෙන් සයිම් අයුබ් ලකුණු 04කට යළි ක්‍රීඩාගාරයට හරවා යැවුණා.

කෙසේවෙතත් මේ වනවිට පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 111ක් ලබා සිටිනවා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ Abdullah Shafique සමගින් නායක ශාන් මසූඩ්.

අබ්දුල්ලා සහ ශාන් මසූඩ් අද දිනයේ දී සිය ටෙස්ට් අර්ධ ශතකයක් වැඩි කරගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා නොදැවී ලකුණු 53ක් සහ 60ක් අතැතිව පිටියෙහි රැඳී සිටිනවා.

පාකිස්තානය සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 88ක් පවත්වා ඇති අතර තරග 28ක් ජයගෙන ඇත්තේ එංගලන්තයයි.

තරග 21ක් පාකිස්තානය ජයගෙන තිබෙනවා.

තරග 39ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබීමත් විශේෂත්වයක්.

මෙවර පැවැත්වෙන තරග 03ම 2023-2025 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ තරග කොටසක් ලෙසටයි පැවැත්වෙන්නේ.

එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලී පොප් (Ollie Pop) විසින් හොබවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?