පාකිස්තානයට එරෙහිව තරගාවලි ජයක් සොයා කැන්ගරුවන් අද පිටියට

සංචාරක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (08) ආරම්භ වනවා.

ඒ සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමගින් ඇඩිලේඩ් හිදියි.

දෙරට අතර පැවැත්වුණු පළමු තරගයේ ජය ඔස්ට්‍රෙලියාව විසින් දිනාගනු ලැබුවා.

ඒ විශිෂ්ට කඩුලු 02කින් සිය ජයග්‍රහණය වාර්තා කරමින්.

අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

මක් නිසා ද යත් එක්දින තරගාවලි ජයක් පාකිස්තානයට එරෙහිව සිය මව්බිමේ දී ලැබීමට නම් ඔස්ට්‍රෙලියාව අද තරගයෙන් අනිවාර්‍යයෙන්ම ජයගත යුතු වනවා.

පාකිස්තානය අද තරගය ජය ගතහොත් නොවැම්බර් 10 පර්ත් හිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය අතිශය උණුසුම්කාරී මුහුණුවරක් ගනු ඇති.

දෙරට අතර තරගය එරට වේලාවෙන් අද උදෑසන 9ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21