ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන තීරණයක්

පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

තමන් මැදිහත් වී පකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එම සමාගම සමඟ සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගත් බව ද ඇමතිවරයා සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත මුදල් පරිත්‍යාගයක් ලබාදීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එම අමාත්‍යාංශයේදී ඊයේ (15) සිදුකෙරුණා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසුවේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ කොටස් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැය වන මුදල සහ දේහයේ කටයුතු වෙනුවෙන් ජයරත්න මල් ශාලාවේ ගාස්තුව ඔවුන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබූ බවත්, එම දෙපාර්ශවයම නොමිලයේ එම කටයුතු කරදීම නිසා වෙන් කළ මුදල මෙසේ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ලබාදෙන බවත් අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේ.

මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එම පවුල වෙත ලබාදෙන රුපියල් ලක්‍ෂ 25ක මුදල දැනට විදේශගතව සිටින විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව ද ඇමතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40