AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන තීරණයක්

පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

තමන් මැදිහත් වී පකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එම සමාගම සමඟ සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගත් බව ද ඇමතිවරයා සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත මුදල් පරිත්‍යාගයක් ලබාදීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එම අමාත්‍යාංශයේදී ඊයේ (15) සිදුකෙරුණා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසුවේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ කොටස් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැය වන මුදල සහ දේහයේ කටයුතු වෙනුවෙන් ජයරත්න මල් ශාලාවේ ගාස්තුව ඔවුන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබූ බවත්, එම දෙපාර්ශවයම නොමිලයේ එම කටයුතු කරදීම නිසා වෙන් කළ මුදල මෙසේ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ලබාදෙන බවත් අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේ.

මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එම පවුල වෙත ලබාදෙන රුපියල් ලක්‍ෂ 25ක මුදල දැනට විදේශගතව සිටින විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව ද ඇමතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?