AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට කොරෝනා

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව තාවකාලිකව දින 10 කට වසා දැමිමට සෞඛ්‍යය අංශ පියවර ගෙන තිබෙනවා. ඒ කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමගයි

එම ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට , ඔහුගේ බිරිදට , මවට , නිවසේ සේවකයෙකුට , නොර්වුඩ් පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියට සහ ඇයගේ පාසල් වියේ පසුවන පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මීට ඉහතදී තහවුරු වී තිබුණා.

එම ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 10 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 3 දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඊයේ (17) දින තහවුරු වු බවයි බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් කියා සිටියේ.

එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත බවත්, සෙසු මන්ත්‍රිවරුන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ කාර්යාලයේ සහ සේවකයන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිත නිසා ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දමන ලෙස සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවත් බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?