ප්‍රවීණ නිළි ප්‍රමිලා කුරුප්පු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක් වූ ප්‍රමිලා කුරුප්පු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 87 හැවිරිදි වියේ පසු වූ ඇය දෙදරු මවක්.

දිවිපිදුම, ආදර රත්නේ, සුහද ඇතුළු චිත්‍රපට ගණනාවකට ඇය රංගනයෙන් දායක වුණා.

කන්දේ ගෙදර ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකටද ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා