දෙන්නම එක තැන මියැදෙන්නට දැරූ තැත වරදියි – පෙම්වතිය රෝහලේ; පෙම්වතා කූඩුවේ

තියුණු ආයුධයකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කිරීමට උත්සාහ කළ තරුණයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකාර තරුණයා පෙම්වතිය හමුවීමට පැමිණ ඇත්තේ ම ඇයව ඝාතනය කිරීමේ චේතනාවෙන් බවට පාපොච්චාරණය කළ බවයි.

අනුරාධපුර නගරයේ කුම්බිච්චංකුලම වැව අසල දී මෙම සැකකාර තරුණයා විසින් සිය පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දුන් අවස්ථාවේ දී එම ස්ථානය අවට රැඳී සිටි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් තරුණයාගෙන් තරුණියව බේරාගෙන ඇති බවයි.

ඉන් අනතුරුව කොඳුඇට පෙළෙහි මධ්‍යයට එල්ල වූ පහරකෑම්වලින් බරපතළ තුවාල ලැබූ අදාළ තරුණියව ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම පහරදීම දෙදෙනා අතර තිබූ පෙම් පළහිලව්වක් හේතුවෙන් සිදු වූවක් බවටත් හෙළි ව තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ එප්පාවල – කටියාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක් වන අතර සැකකාර තරුණයා 30 හැවිරිදි එප්පාවල – පහළ සියඹලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම ස්ථානයේ තිබී තරුණියට පහර දුන් පිහියක් සහ වස බෝතලයක් ද පොලිසිය විසින් සිය භාරයට ගැනුණා.

පෙම්වතිය මරා දමා තමන් ද වස පානය කර සියදිවි හානි කරගැනීමේ සැලසුමක සිටි බවටයි සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?