දෙන්නම එක තැන මියැදෙන්නට දැරූ තැත වරදියි – පෙම්වතිය රෝහලේ; පෙම්වතා කූඩුවේ

තියුණු ආයුධයකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කිරීමට උත්සාහ කළ තරුණයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකාර තරුණයා පෙම්වතිය හමුවීමට පැමිණ ඇත්තේ ම ඇයව ඝාතනය කිරීමේ චේතනාවෙන් බවට පාපොච්චාරණය කළ බවයි.

අනුරාධපුර නගරයේ කුම්බිච්චංකුලම වැව අසල දී මෙම සැකකාර තරුණයා විසින් සිය පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දුන් අවස්ථාවේ දී එම ස්ථානය අවට රැඳී සිටි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් තරුණයාගෙන් තරුණියව බේරාගෙන ඇති බවයි.

ඉන් අනතුරුව කොඳුඇට පෙළෙහි මධ්‍යයට එල්ල වූ පහරකෑම්වලින් බරපතළ තුවාල ලැබූ අදාළ තරුණියව ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම පහරදීම දෙදෙනා අතර තිබූ පෙම් පළහිලව්වක් හේතුවෙන් සිදු වූවක් බවටත් හෙළි ව තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ එප්පාවල – කටියාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක් වන අතර සැකකාර තරුණයා 30 හැවිරිදි එප්පාවල – පහළ සියඹලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම ස්ථානයේ තිබී තරුණියට පහර දුන් පිහියක් සහ වස බෝතලයක් ද පොලිසිය විසින් සිය භාරයට ගැනුණා.

පෙම්වතිය මරා දමා තමන් ද වස පානය කර සියදිවි හානි කරගැනීමේ සැලසුමක සිටි බවටයි සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?