රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග එක්ව රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පිනියන් හය දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම රංගන ශිල්පිනියන් හයදෙනාට මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව ද වාර්තා වනවා.
තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම රංගන ශිල්පිනියන් හයදෙනා ඇයගෙන් ලක්ෂ ගණනින් මුදල් සහ විවිධ වටිනා දේ ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම කාන්තාව විවිධ ධනවත් ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ ප්‍රභූන් බියට පත්කර මුදල් ලබාගැනීම සඳහා මෙම රංගන ශිල්පිනියන් යොදාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.
ධනවත් පුද්ගලයන් සමග ලිංගික සබඳතා පවත්වා ඒවා රහසේ වීඩියෝ ගතකර එම වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ සමාජජාලා වෙබ් අඩවි වෙත මුදාහරින බවට තර්ජනය කර එම ධනවතුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇත. ඇතැම් රංගන ශිල්පිනියන් ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් කතාකර ඒ ඔස්සේ ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයට හැසිරී එම හඬපට සමාජය වෙත මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබාගෙන තිබෙන බවද හෙළිවී තිබේ.
තවද එක්තරා රංගන ශිල්පිනියක ධනවත් පුද්ගලයකු සමග දුරකථනයෙන් අසභ්‍ය ලෙස හැසිරෙන හඬපට 04 ක් මීට ටික කලකට පෙර සමාජ ගතකර තිබිණි. එම හඬපටද තිළිණි ප්‍රියමාලි සමග එක්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක විසින් පැවැත්වූ එකක් බව අනාවරණය වී ඇත. මෙම රංගන ශිල්පිනියන්ට එරෙහිව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














EKIGE MINIHA POLICIYE LOKKEK. EKIWA GANATA SHAPE KARAYI, FILM WALA WENNETH ME WAGENE, EWAGETH KARANNE ME WAGEMA RANGA PEMAK NE. SEBE CHARITHAYA NOWEYI NE. NILIYO UNAMA MUDHALATA NE RANGA PANNE, MEKATH EHEMA MUDHAL ARAGENA KALA DEYAK NE KIYALA YATA GAHAYI. EKEN OYA NILIYO 6 DENAMA AYE ELIYATA EYI. AWILLA MEDIA WALATA PARAMA BAYI.