එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රාදේශීය සභා තුනක් සඳහා නාම යෝජනා භාරගැනීම අද (24) ආරම්භ වනවා.
මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා 03 සඳහා අද දිනයේ මෙලෙස නාම යෝජනා භාරගැනීම ආරම්භවන අතර, එය අවසන් වන්නේ ලබන 27 වනදා මධ්‍යහන 12.00ටයි.
එම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය ලබන 26 වනදා මධ්‍යහන 12.00න් අවසන් වනවා.
පළාත් පාලන ආයතන 336ක් සඳහා වන ඡන්ද විමසීම එළඹෙන මැයි 06 වනදා පැවැත්වෙන අතර, ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් තරග වදිනවා.
මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදුන් සහ නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.