ප්‍රාදේශීය සභා 03ක නාම යෝජනා භාරගැනීම අද ඇරඹේ

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රාදේශීය සභා තුනක් සඳහා නාම යෝජනා භාරගැනීම අද (24) ආරම්භ වනවා.

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා 03 සඳහා අද දිනයේ මෙලෙස නාම යෝජනා භාරගැනීම ආරම්භවන අතර, එය අවසන් වන්නේ ලබන 27 වනදා මධ්‍යහන 12.00ටයි.

එම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය ලබන 26 වනදා මධ්‍යහන 12.00න් අවසන් වනවා.

පළාත් පාලන ආයතන 336ක් සඳහා වන ඡන්ද විමසීම එළඹෙන මැයි 06 වනදා පැවැත්වෙන අතර, ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් තරග වදිනවා.

මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදුන් සහ නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02