ප්‍රාදේශීය සභා හිටපු සභාපති ඇතුළු හයකට බරපතළ වැඩසහිත සිරදඬුවම්

1997 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට රත්නපුර මහාධිකරණය මඟින් පැන වූ බරපතළ වැඩ සහිත වසර 05ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළා.

මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ අචල වෙංගප්පූලි යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව රත්නපුර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී වෙළඳසැලකට ගිනි තැබූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

එම නඩුවෙන් වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය විසින් 2007 වසරේදී බරපතළ වැඩ සහිත වසර 05ක සිර දඬුවම් නියම කළා.

එම දඬුවම අහෝසිකර තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් හයදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළා.

එය විභාග කළ අභියාචනාධිකරණය එම ඇපෑල නිෂ්ප්‍රභ කර තිබුණා.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා.

එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

ඒ, අනුව රත්නපුර මහාධිකරණය විසින් පනවන ලද සිරදඬුවම ඊයේ (26) දින සිට ක්‍රියාත්මක විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?