ප්‍රාණ ඇපකරුවන් මිනී පෙට්ටි තුළ ආපසු පැමිණේවි – හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ දී ප්‍රාණ ඇපකරුවන් හයදෙනෙකු හමස් සංවිධානය විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව අයැද සිටියා.

එම ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා මෙලෙස සමාව අයැද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සංවිධානය විසින් සිදුකළ ප්‍රාණ ඇපකරුවන් හය දෙනාගේ ඝාතනයත් සමඟ ටෙල් අවිව් ඇතුළු ඊශ්‍රායලයේ නගර රැසක ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ විරෝධතා දෙවන රාත්‍රියට පිවිසීමත් සමඟ බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමව ඉල්ලා සිටි බවයි.

මාස 11කට ආසන්න කාලයකින් හමාස් ප්‍රාණ ඇපයේ සිටි ප්‍රාණ ඇපකරුවන් හයදෙනා ආපසු නිවසට ගෙන ඒමට නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කිරීමට ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් විසින් කැඳවන ලද විරෝධතාවල දී ඊශ්‍රායල ජාතිකයන් දහ දහස් ගණනක් ඊයේ දිනයේ දී වීථි බැස සිටියා.

මේ අතර ඊයේ ඊශ්‍රායලයේ විශාලතම වෘත්තීය සමිතිය කියා සිටියේ ගාසා සටන් විරාමයකට සහ හමාස් සමඟ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගිවිසුමකට එකඟවන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා කැඳවූ මහා වැඩ වර්ජනයකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් වූ බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වන දින හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 97 දෙනෙකු පිළිබඳව තවමත් තොරතුරු ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ හමුදා පීඩනය දිගටම පැවතුනහොත් ප්‍රාණ ඇපකරුවන් “මිනී පෙට්ටි තුළ” ආපසු ලබා දෙන බව හමාස් සංවිධානය ඊයේ දිනයේ අනතුරු ඇඟවීමක් ද කර සිටියා.

ඊශ්‍රායල හමුදා විසින් ඔවුන් වෙත ළඟා වුවහොත් ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂා කරන සටන්කාමීන්ට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව නව උපදෙස් ලබා දී ඇති බව ද හමාස් සංවිධානය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?