ප්‍රහාර දිගටම පැවතුනහොත් ඉන්ධන ලීටරයක්වත් දෙන්නේ නැහැ – ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් ටෙහෙරානය කලාපයෙන් ‘ඉන්ධන ලීටරයක්’ හෝ අපනයනය කිරීමට ඉඩනොදෙන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

මේ අතර යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ ඉරානය බවයි ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබෙනවා.

එමෙන්ම කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි.

නව දැඩි මතධාරී උත්තරීතර නායකයෙකු තෝරා ගත් ඉස්ලාමීය ජනරජය විසින් ගෝලීය තෙල් සැපයුම් කඩාකප්පල් කළහොත් සටන් උත්සන්න වීමේ හැකියාව පිළිබඳව ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !