ප්‍රවීන ලේඛක කේ.බී. මානෑව අභාවප්‍රාප්ත වෙයි

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක ප්‍රවීන ලේඛක කේ.බී. මානෑව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට 87 වන වියේ පසු වූ ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙක්.

ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට (02) පස්වරුවේ මාතලේ ආදාහනාගාරයෙදී සිදුකිරීමට නියමිතයි.

රජරට නුවරකලාවියේ මානෑව ප්‍රදේශයේ උපන් කිරි බණ්ඩා මානෑව, මානෑව විදුහලින් මූලික අධ්‍යානය ලබා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු සේවයට එක්ව තිබෙනවා.

එහිදී ඔහු අනුරාධපුරයේ සහ මාතලේ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක සේවය කිරීමෙන් අනතුරුව ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගැනුණා.

ඔහු විසින් නුවරකලාවියේ ජන වහර, ලග්ගල ජනවහර, මාතලේ ජනවහර, නුවර කලාවියේ ජනමංගල්ල, සීහල ජනවහර යන ශාස්ත්‍රීය පොත් මෙන්ම මකුලේතැන්න, සන්නසක සෙනෙහස ඉව යන නිර්මාණ ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා.

කලාභූෂණ සහ කලාකීර්ති සහ මැදරට අභිමානී සම්මානයන්ගෙන් පිදූ ලැබූ කේ.බී.මානෑව, කලක් සාහිත්‍ය අනුමණ්ඩලයේ ද කටයුතු කරනු ලැබුවා.

ඊට අමතරව තුන් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ඔහු පිදුම් ලැබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41