AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රවීන ලේඛක කේ.බී. මානෑව අභාවප්‍රාප්ත වෙයි

මාතලේ සාහිත්‍යකලා සංසදයේ අනුශාසක ප්‍රවීන ලේඛක කේ.බී. මානෑව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට 87 වන වියේ පසු වූ ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙක්.

ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට (02) පස්වරුවේ මාතලේ ආදාහනාගාරයෙදී සිදුකිරීමට නියමිතයි.

රජරට නුවරකලාවියේ මානෑව ප්‍රදේශයේ උපන් කිරි බණ්ඩා මානෑව, මානෑව විදුහලින් මූලික අධ්‍යානය ලබා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු සේවයට එක්ව තිබෙනවා.

එහිදී ඔහු අනුරාධපුරයේ සහ මාතලේ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක සේවය කිරීමෙන් අනතුරුව ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගැනුණා.

ඔහු විසින් නුවරකලාවියේ ජන වහර, ලග්ගල ජනවහර, මාතලේ ජනවහර, නුවර කලාවියේ ජනමංගල්ල, සීහල ජනවහර යන ශාස්ත්‍රීය පොත් මෙන්ම මකුලේතැන්න, සන්නසක සෙනෙහස ඉව යන නිර්මාණ ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා.

කලාභූෂණ සහ කලාකීර්ති සහ මැදරට අභිමානී සම්මානයන්ගෙන් පිදූ ලැබූ කේ.බී.මානෑව, කලක් සාහිත්‍ය අනුමණ්ඩලයේ ද කටයුතු කරනු ලැබුවා.

ඊට අමතරව තුන් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ඔහු පිදුම් ලැබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?