ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුට එරෙහි නඩු 7ක් විභාගයට තීරණය කරයි

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් ලබාගත් රුපියල් කෝටි 143කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුට එරෙහිව රහස් පොලිසිය පවරා ඇති නඩු විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ තීරණය කර තිබෙනවා.

තමන්ට එරෙහිව ඇති නඩු හතට අදාළ සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතා අධිකරණය හමුවේ පැවසීමෙන් අනතුරුවයි අදාළ නඩු විභාග කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත්තේ.

අධිකරණය විසින් මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබූ සිතාසිවලට අනුව මෙම නඩු 7 කැඳවනු ලැබූ අවස්ථාවේදී බ්‍රයන් තෝමස් මහතා විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

2017 වසරේ සිට අවස්ථා 20කදී දිනේෂ් ෂාෆ්ටර් යන අයගෙන් චෙක්පත් 20කින් රුපියල් කෝටි 143 කට අධික මුදලක් ලබාගෙන එම මුදල් ආපසු නොදී නොදී වංචා කළ බවට විත්තිකරුට එරෙහිව රහස් පොලිසිය මෙලෙස චෝදනා ගොනු කර ඇතැයි සඳහන්.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කළ බවයි.

මෙම සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව විත්තිකාර බ්‍රයන් තෝමස් මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විත්තිකරුට එරෙහි නඩු විභාග කිරීමට විනිසුරුවරයා තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?