AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් – ජනපති

ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ යටතේ යාපනයේ ශික්ෂණ රෝහල සඳහා ඉඩම් වෙන්කර දීමටත්, ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කිරීමටත් පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ තරුණ ප්‍රජාව සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් 300කට ආසන්න පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙනු ලැබුවා.

උතුරු පළාත ජාතික ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස සහ තරුණ ප්‍රජාව ලෙස තම දායකත්වය ලබාදෙන ලෙසටයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සහ එහි භෞතික සම්පත් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවලියක් ද මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණි ජනාධිපතිවරයා අයිස් ක්‍රීම් රස බැලීමට ද අමතක කළේ නැහැ.

meet-and-greet නමින් සංවිධානය කර තිබු මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා චිත්‍රපට කලාව, සමාජ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උතුරු පළාත තුළ විශිෂ්ඨතා දැක්වූවන් පිරිසක් ද එක්ව සිටී අතර ඔවුන් සමග සුහද කථා බහක නිරත වු ජනාධිපතිවරයා සුබපැතුම් ද පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?