ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් – ජනපති

ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ යටතේ යාපනයේ ශික්ෂණ රෝහල සඳහා ඉඩම් වෙන්කර දීමටත්, ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කිරීමටත් පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ තරුණ ප්‍රජාව සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් 300කට ආසන්න පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙනු ලැබුවා.

උතුරු පළාත ජාතික ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස සහ තරුණ ප්‍රජාව ලෙස තම දායකත්වය ලබාදෙන ලෙසටයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සහ එහි භෞතික සම්පත් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවලියක් ද මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණි ජනාධිපතිවරයා අයිස් ක්‍රීම් රස බැලීමට ද අමතක කළේ නැහැ.

meet-and-greet නමින් සංවිධානය කර තිබු මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා චිත්‍රපට කලාව, සමාජ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උතුරු පළාත තුළ විශිෂ්ඨතා දැක්වූවන් පිරිසක් ද එක්ව සිටී අතර ඔවුන් සමග සුහද කථා බහක නිරත වු ජනාධිපතිවරයා සුබපැතුම් ද පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29