ප්‍රමාද වී ඩුබායි ගිය යානය මගින් හරවාගෙන යළි කටුනායකට එයි

පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව අද උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 225 දරණ ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ (07) සවස 06.25 ට වුව ද එය පිටත්ව ගොස් තිබුණේ අද (08) උදෑසන 09.30 ටයි.

මෙම යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01යි විනාඩි 10කට පසුව එනම් උදෑසන 10.40ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාවේ ගුවන් කලාපය තුළට ගමන් කර තිබුණා.

ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව ඉරිතැලීමකට ලක් වී (Windscreen Crack) ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

එබැවින් තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා විසින් තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාව වන විට ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු ගමන් කර තිබුණා.

අදාළ ගුවන් ගමන වෙනත් යානයක් යොදවා අද සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වාර්තා වී තිබෙනවා.

ඒ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම 04.45ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 226 ගුවන් යානය අද පස්වරු 04.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව එම ගුවන් ගමන ද පැය 12 කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

එසේම ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ (07) රාත්‍රී 07.15 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 454 ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ අද අලුයම 01.50ට පමණයි.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මුම්බායි බලා ඊයේ රාත්‍රී 11.40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 141 ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

එබැවින් අද අලුයම 05.35ට මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 142 ගුවන් ගමන ද අවලංගු කරනු ලැබුවා.

මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (07) දින රාත්‍රී 07ට ගොඩ බැස්සවීමට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU- 231 යානය, ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට තිබූ අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා මාලදිවයින මාලේ ගුවන් තොටුපළ වෙත යොමු කර තිබුණා.

එමෙන්ම කුවේට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ සවස 06.10ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 230 දරන ගුවන් යානය ප්‍රමාද වී, අද අලුයම 07.33ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබුවා.

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය එයට හේතුවයි.

මෙම ගුවන් යානය තුළ මගීන් 97 දෙනෙකු පැමිණ සිටි අතර ඔවුන් බස් රථ මගින් අද අලුයම 03.30 වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත කැඳවා ගෙන පැමිණ තිබුණා.

UL225 Dubai
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36