ප්‍රමාද වීම් කිහිපයකට ලක් වූ යානයේ මගීන් යළි ඩුබායි වෙත

ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 225 දරණ ගුවන් යානය ගුවන් මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු රැගෙන පෙරේදා (07) සවස 06.25ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමටයි නියමිතව තිබුණේ.

එහෙත් මෙම ගුවන් යානය පැය 15කට ආසන්න කාළයක් ප්‍රමාදවීමෙන් අනතුරුව ඊයේ (08) දින උදෑසන 09.30ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියා.

කෙසේවෙතත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී පැය 01යි විනාඩි 10කට පසුව එනම් උදෑසන 10.40ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා ගෙන පැමිණීමට නියමුවා කටයුතු කර තිබුණේ ප්‍රධාන නියමුවා ඉදිරිපස ඇති සුළං මුවා වීදුරුව ඉරි තැලීමකට (Windscreen Crack) ලක්වීම හේතුවෙන්.

මෙම සිදුවීම වනවිට යානය ඉන්දියාව සමීපව එරට පසු කිරීමට ආසන්නව ගමන් කරමින් තිබී ඇති බව සඳහන්.

අනතුරුව මෙම ගුවන් යානයේ ගමන් ගැනීමට නියමිතව සිටි මගීන් පිරිස ඊයේ රාත්‍රී 07.40ට වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් සහ තවත් වෙනත් ගුවන් යානා කීපයකින් ඩුබායි වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29