ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නොමැතිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා එක්වන ඉන්දීය කණ්ඩායමට, ඉන්දීය නිත්‍ය නායක රෝහිත් ෂර්මා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එක් නොවන බව වාර්තා වනවා.

නායක රෝහිත් ෂර්මා, උපනායක හර්දික් පාන්ඩයා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා සහ කේ.එල් රාහුල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා එක් නොවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් ඉන්දීය දෙවන පෙළ සංචිතයක් එක් වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වසරේ සැප්තැම්බර් 23 වැනිදා චීනයේ දී, ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර, එය ඔක්තෝබර් 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

ඔක්තෝම්බරයේ ඉන්දියාවේ දී ආරම්භවන 2023 අයි.සී.සී. එක්දින ලෝක කුසලානය සැළකිල්ලට ගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි තත්ත්වයක් පැවතිය ද ඉන්දීය පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
32
+1
4
+1
3
+1
5
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07