spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නොමැතිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා එක්වන ඉන්දීය කණ්ඩායමට, ඉන්දීය නිත්‍ය නායක රෝහිත් ෂර්මා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එක් නොවන බව වාර්තා වනවා.

නායක රෝහිත් ෂර්මා, උපනායක හර්දික් පාන්ඩයා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා සහ කේ.එල් රාහුල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා එක් නොවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් ඉන්දීය දෙවන පෙළ සංචිතයක් එක් වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වසරේ සැප්තැම්බර් 23 වැනිදා චීනයේ දී, ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර, එය ඔක්තෝබර් 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

ඔක්තෝම්බරයේ ඉන්දියාවේ දී ආරම්භවන 2023 අයි.සී.සී. එක්දින ලෝක කුසලානය සැළකිල්ලට ගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි තත්ත්වයක් පැවතිය ද ඉන්දීය පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
32
+1
4
+1
3
+1
5
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?