ප්‍රබල අකුණු පිළිබඳව අවාදාත්මන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ, අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
ඒ, අනුව අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) දහවල් නිකුත් කළ මෙම අවාදාත්මන නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා.





