කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිවේදනය අද (04) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
4
+1
1
+1





