ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය අද (09) රාත්‍රී 11.30 වනතුරු බලපැවැත්වෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවධානමක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?