AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධාන පෙළේ රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙක් ඇමතිකම්වලින් දොට්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුර කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසි රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, ඩී.වී.චානක, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ සහ ප්‍රසන්න රණවීර යන අමාත්‍යවරුන් ඔවුන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගීතා කුමාරසිංහ මන්ත්‍රිනිය මීට පෙර කටයුතු කළේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි.

නමුත් ඇය ඊයේ (09) දිනයේ දී මහනුවර පැවති සමගි ජන සන්ධානයේ රැලියකට එක්වෙමින් ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවට ප්‍රකාශ කළා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන නාමල් රාජපක්ෂට සහාය ලබාදීමට තීරණය කර ඇති විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ද ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රසන්න රණවීර ද අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති අතර ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරමින් සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ ද එම තනතුරෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

තේනුක විදානගමගේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
29
+1
3
+1
2
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?