ප්‍රධාන පුහුණු තනතුර ගැන අර්ජුන කියන කතාව…

ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුරට විදේශිකයින්ම යොදාගත යුතුය යන නිලධාරීන් සතුව ඇති මාන්නය අතහැර දැමියයුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ද ඉතා දක්ෂ පුහුණුකරුවන් රැසක් සිටින බවය.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් අර්ජුන රණතුංග ඒ බව සඳහන් කළේය.

“මං හිතන්නේ ඕක නං උපදේශක කට්ටියගෙනුයි පාලක මණ්ඩලයෙනුයි අහන්න ඕනේ. අද මේ රටට මිනිස්සු එන්න කැමති නෑ. පිටරට පුහුණුකරුවෝ ඕනේ කියලා.. අපිට තියෙනවා මහලොකු මාන්නයක්. ලංකාවේ පුහුණුකරුවෝ ඕනේ තරම් ඉන්නවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය,

“මං හිතන්නේ ඒක ලොකු පාඩුවක් මේ වෙලාවේ. ඒකට අපි පිළියමක් යොදන්න වෙයි. පුළුවන් තරම් ඉක්මණට. ක්‍රීඩකයෝ දැන් කල්පනා කරලා පුළුවන් තරම් තමන්ගේ රජකාරිය හරියට ඉෂ්ඨ කරන්න ඕනේ. විදේශම කියලා නෑ. අපිට ඉන්නවා නම් හොඳ කෙනෙක් අපි එයාව ගන්න ඕනේ.

මාධ්‍යවේදියෙක් – “මේකට සම්බන්ධ වෙන්න ඔබටත් පුළුවන් නේද ?”

සනත් ජයසූරිය – “එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනොත් සලකාබලනවා.”

ඕමානයේ පැවති ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් පළ කර තිබුණි.

ඕමානයේ පැවති ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (29) සමත් විය.

ඒ අවසන් තරගයේදී ඒෂියා ලයන්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් රැස් කළේය.

එහිදී යළි සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයක නිරතවූ කෙවින් පීටර්සන් පන්දු 22කදී වේගවත් ලකුණු 48ක් රැස්කිරීමට සමත් වු අතර ඇන්ඩර්සන් පන්දු 43කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 94ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 257ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඒෂියා ලයන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුනු 231ක් පමණි.

එහිදී තිලකරත්න ඩිල්ෂාන්ගේ ඩිල්ස් කූප් පහර, මෙරට ක්‍රීඩාලෝලීන් යළි දැකගැනීමට හැකිවු අතර සනත් ජයසූරිය ඔහුටම ආවේනික වූ පහරවල් එල්ල කරමින් පන්දු 23කදී ලකුණු 38ක් රැස් කළේ මෙරට ක්‍රීඩාලෝලීන් යළි අතීතයට රැගෙනයමිනි.

මොහොමඩ් යූසුෆ් නොදැවී ලකුණු 39ක් සහ උපුල් තරංග ලකුණු 25ක් රැස් කළේය.

මුත්තයියා මුරලිදරන් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීම කැපී පෙනුනි.

ඒ අනුව පළමු වරට පැවැති ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ඩැරන් සැමීගේ නායකත්වයෙන් යුත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම විසින් හිමි කරගැනීමට සමත්වී තිබුණි.

තරගාවලියේ අනුශූරයින් වු ඒෂියා ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?