අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් අද (03) දිනයේ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.
මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම අඩු පීඩන තත්ත්වය යටතේ බත්තරමුල්ල ප්‍රදේශයට ජලය සැපයීම සිදුකරනවා.
අද (03) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම යතා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
6
+1
+1
3
+1
10
+1
1
+1
1




