ප්‍රදේශ රැසකට අද දිනයේ තද වැසි

අන්තර් නිර්වර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ දිනවල දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඒ හේතුවෙන් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද (15) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද අනාවැකි පළකර තිබෙනවා.

අද උදෑසන කාලයේදී ද බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල ද වැසි තත්ත්වයක් බලාපොරොත්තු වනවා.

ඊට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?