වාද්දුව ,මොරොන්තුඩුව, ගෝනදුව, මොල්ලිගොඩ ප්‍රදේශ රැසකටම නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් මත්පැන් නිෂ්පාදනය කොට බෙදා හරින මත්පැන් නිෂ්පාදනාගාරයක් කලුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ සවස වටලන ලදී.
වාද්දුව මාවල ප්‍රදේශයේ නිවසක පිටුපස කොටසේ විශේෂයෙන් සකසන ලද කාමරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත.පොලිසිය මෙම ස්ථානය වටලන විට එම නිෂ්පාදනාගාරයේ මත්පැන් නිෂ්පාදනය කිරීමට සූදානමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වේ.මෙම මත්පැන් නිෂ්පාදනාගාරය ඉතා සූක්ෂම ලෙස දුගඳ වහනය නොවන සේ මත්පැන් නිෂ්පාදනයේ අපද්‍රව්‍ය භූගත වලකට ගලා යාමට සලස්වා ඇත.මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ බැරල් 9ක සකසා තිබූ ගෝඩා මිල්ලීටර් ලක්ෂ දහතුනකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මීට අමතරව මත්පැන් නිෂ්පාදන යොදාගන්නා දඟර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනින.මෙම මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි 42 හැවිරිදි සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැණින.සැකකරු මීට පෙරද නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙකි.මෙම ස්ථානය තිබූ ගෝඩා විශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම විනාශ කර දැමීමට පොලිසිය කටයුතු කරන ලදී.
සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














