ප්‍රදේශ රැසකටම නීති විරෝධී මත්පැන් බෙදූ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

වාද්දුව ,මොරොන්තුඩුව, ගෝනදුව, මොල්ලිගොඩ ප්‍රදේශ රැසකටම නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් මත්පැන් නිෂ්පාදනය කොට බෙදා හරින මත්පැන් නිෂ්පාදනාගාරයක් කලුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ සවස වටලන ලදී.

වාද්දුව මාවල ප්‍රදේශයේ නිවසක පිටුපස කොටසේ විශේෂයෙන් සකසන ලද කාමරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත.පොලිසිය මෙම ස්ථානය වටලන විට එම නිෂ්පාදනාගාරයේ මත්පැන් නිෂ්පාදනය කිරීමට සූදානමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වේ.මෙම මත්පැන් නිෂ්පාදනාගාරය ඉතා සූක්ෂම ලෙස දුගඳ වහනය නොවන සේ මත්පැන් නිෂ්පාදනයේ අපද්‍රව්‍ය භූගත වලකට ගලා යාමට සලස්වා ඇත.මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ බැරල් 9ක සකසා තිබූ ගෝඩා මිල්ලීටර් ලක්ෂ දහතුනකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මීට අමතරව මත්පැන් නිෂ්පාදන යොදාගන්නා දඟර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනින.මෙම මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි 42 හැවිරිදි සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැණින.සැකකරු මීට පෙරද නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙකි.මෙම ස්ථානය තිබූ ගෝඩා විශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම විනාශ කර දැමීමට පොලිසිය කටයුතු කරන ලදී.

සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24