ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හෙට විශේෂ මහජන දැනුවත් කිරීමේ හමුවකුත් (නිවේදනය)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රදේශ කිහිපයකට මෙම නිවේදනය බලාත්මක වනු ඇති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “අවධානයෙන් සිටින්න” යනුවෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා “විමසිලිමත්ව සිටින්න” යනුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මේ අතර හෙට දිනයේ දී ‘කාලගුණ, දේශගුණ අනාවැකි සහ දේශගුණ විපර්‍යාස’ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; හෙට පෙරවරු 09 සිට පස්වරු 02 තෙක් කොළඹ පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී අදාළ මාධ්‍ය හමුව පැවැත්වෙන බවයි.

මෙම විශේෂ මාධ්‍ය හමුව මහජනතාව දැනුම්වත් කිරීම පිණිස පැවැත්වෙන බවත් සඳහන් වනවා.

කාලගුණික වෙනස්වීම්, දේශගුණික වෙනස්වීම් සහ අවදානම්වල දී ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?