AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හෙට විශේෂ මහජන දැනුවත් කිරීමේ හමුවකුත් (නිවේදනය)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රදේශ කිහිපයකට මෙම නිවේදනය බලාත්මක වනු ඇති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “අවධානයෙන් සිටින්න” යනුවෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා “විමසිලිමත්ව සිටින්න” යනුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මේ අතර හෙට දිනයේ දී ‘කාලගුණ, දේශගුණ අනාවැකි සහ දේශගුණ විපර්‍යාස’ පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; හෙට පෙරවරු 09 සිට පස්වරු 02 තෙක් කොළඹ පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී අදාළ මාධ්‍ය හමුව පැවැත්වෙන බවයි.

මෙම විශේෂ මාධ්‍ය හමුව මහජනතාව දැනුම්වත් කිරීම පිණිස පැවැත්වෙන බවත් සඳහන් වනවා.

කාලගුණික වෙනස්වීම්, දේශගුණික වෙනස්වීම් සහ අවදානම්වල දී ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?