ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු මට්ටමේ නැහැ

ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වී තිබෙනවා.

ඒ, අනුව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා එම දුම්රියේ මාර්ගයේ ගමන් කරමින් ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි ලෙස එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස අවසන් කර ඇත්දැයි පරීක්ෂා කළා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් පසු අදහස් දක්වමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජී ඉඳිපොලගේ පැවසුවේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කළ ද තවමත් යම් යම් අඩුපාඩු පවතින බවයි.

ඇතැම් ස්ථානවල සංඥා පුවරුවල අඩුපාඩුවක් පවතින බවත්, ඇතැම් දුම්රිය ස්ථානවලට පැමිණීමේ අපහසුතාවය මහජනතාවට පවතින බවත්, ඒවායේ අනෙකුත් යටිතල පහසුකම්වල අඩුපාඩු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දුම්රිය මාර්ගයේ පවතින සංඥා පුවරුවල අඩුපාඩුව මහජනතාවගේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුවන බවයි.

මේ තුළින් රාජ්‍ය දේපළවලට පවා හානිවීමක් සිදුවීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියා.

ඒ, අනුව මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් සුදුසු පරිදි දුම්රිය මාර්ගයේ පවතින අඩුපාඩු සකසන තෙක් ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අවස්ථාවක් නොමැති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු පවසා සිටියේ.

ඒ, අනුව හැකි ඉක්මනින් එම අඩුපාඩු සකස් කර මහජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය ධාවනය ආරම්භ කරන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
14
+1
20
+1
1
+1
14
+1
6
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?