ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු මට්ටමේ නැහැ

ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වී තිබෙනවා.

ඒ, අනුව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා එම දුම්රියේ මාර්ගයේ ගමන් කරමින් ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි ලෙස එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස අවසන් කර ඇත්දැයි පරීක්ෂා කළා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් පසු අදහස් දක්වමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජී ඉඳිපොලගේ පැවසුවේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කළ ද තවමත් යම් යම් අඩුපාඩු පවතින බවයි.

ඇතැම් ස්ථානවල සංඥා පුවරුවල අඩුපාඩුවක් පවතින බවත්, ඇතැම් දුම්රිය ස්ථානවලට පැමිණීමේ අපහසුතාවය මහජනතාවට පවතින බවත්, ඒවායේ අනෙකුත් යටිතල පහසුකම්වල අඩුපාඩු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දුම්රිය මාර්ගයේ පවතින සංඥා පුවරුවල අඩුපාඩුව මහජනතාවගේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුවන බවයි.

මේ තුළින් රාජ්‍ය දේපළවලට පවා හානිවීමක් සිදුවීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියා.

ඒ, අනුව මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් සුදුසු පරිදි දුම්රිය මාර්ගයේ පවතින අඩුපාඩු සකසන තෙක් ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අවස්ථාවක් නොමැති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු පවසා සිටියේ.

ඒ, අනුව හැකි ඉක්මනින් එම අඩුපාඩු සකස් කර මහජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය ධාවනය ආරම්භ කරන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
14
+1
20
+1
1
+1
14
+1
6
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43