AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිපත්ති ප්‍රකාශන තැපෑලෙන් යවන්න අවස්ථාව

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තැපෑලෙන් ඡන්දදායකයින් වෙත බෙදාහැරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ මෙම සේවාව නොමිලේ ලබාදෙන බවයි.

අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අනෙකුත් අවශ්‍ය ලිපි ලේඛන කිසිදු වියදමකින් තොරව තැපැල් සේවාව හරහා මහජනතාවට යැවිය හැකි බව ද ඔහු සඳහන් කළා.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් කිහිපදෙනෙක්ම මේ වනවිට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?