ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වනවිට – ෂෙහාන් සේමසිංහ

මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඊයේ (02) අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නක්.

“මීට දින කීපයකට ඉහත දී මහබැංකුව ප්‍රථිපත්ති පොළී අනුපාතය අඩු කළා, අපිට ලබන සතිය වෙද්දී බලාගන්න පුලුවන් භාණ්ඩාගාර බිල්පත්වලින් මේ ප්‍රථිපත්ති පොළී අඩුවීමෙන් ලැබෙන වාසිය රජයට ලැබෙන ආකාරය. බැංකු හරහා මේක ගණුදෙනුකරුවන් වෙත යොමු වෙන්න තව යම් කිසි කාලයක් ගත වෙයි. භාණ්ඩාගාර බිල්පත්වල නිරූපනය මෙන් වේගයෙන් මේක නිරූපනය වෙන්නේ නැති වෙයි. ව්‍යාපාර කරන්න පුලුවන් පරිසරයක් දැන් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. අපි අමාරුම කාළය පසුකර ගෙන යනවා. රටේ ආර්ථිකයට තවත් ශක්තියක් වේවී මේ රටේ ආනයන සීමා ලිහිල් කිරීම.අපිට එක රැයකින් ආනයන සීමා සියල්ල ලිහිල් කරන්න බෑ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව ඒ ණය හිමියන් සමඟ සාකච්ජා කරලා.ඒ අයගේ උපදෙස් අනුව අපි ලබන මාසයේ අග වෙද්දී මේ රටේ පවතින ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුව තියෙනවා.නමුත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සංඛ්‍යාලේඛණ පිළිබඳ අවධානය යොමු කරලා අපි දැනට එච්-එස් කෝඩ්ස් 1200 ක විතර තාවකාලික තහනමක්, කෙටි කාලීන තහනමක් භාණ්ඩ ආනයනයට පනවලා තියෙනවා. ඒ අතුරින් භාණ්ඩ ලබන සතිය වෙද්දී, ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක් ලිහිල් වේවී. ඒ භාණ්ඩ ආනයනය කිරීම රටේ ආර්ථික වර්ධනයට හේතුවක් වනවාද නැද්ද කියන කාරණය සලකා බලලා. මේ රටේ විදේශ මූල්‍ය පද්ධතියට බාධාවක් ඇති නොවෙන ආකාරයට මේ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. රුපියල අද ශක්තිමත් වෙමින් පවතිනවා. අපිට පිළිගත හැකි ස්ථාවරත්යක් ඇති වෙමින් පවතිනවා. අවුරුදු 18 වැඩි සියලු දෙනාටම බදු ගොනුවක් ආරම්භ කිරීම එදා සිට බදුගෙවීමක් ලෙස දකින්න එපා, බදු ගෙවිය යුතු සීමාවේ ඉන්න අයට පමණක් බදුගෙවීමට සිදු වේවී, බදු ගොනු ආරම්භ කිරීම බදුගෙවීම අනිවාර්ය කිරීමක් වන්නේ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?