ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වනවිට – ෂෙහාන් සේමසිංහ

මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඊයේ (02) අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නක්.

“මීට දින කීපයකට ඉහත දී මහබැංකුව ප්‍රථිපත්ති පොළී අනුපාතය අඩු කළා, අපිට ලබන සතිය වෙද්දී බලාගන්න පුලුවන් භාණ්ඩාගාර බිල්පත්වලින් මේ ප්‍රථිපත්ති පොළී අඩුවීමෙන් ලැබෙන වාසිය රජයට ලැබෙන ආකාරය. බැංකු හරහා මේක ගණුදෙනුකරුවන් වෙත යොමු වෙන්න තව යම් කිසි කාලයක් ගත වෙයි. භාණ්ඩාගාර බිල්පත්වල නිරූපනය මෙන් වේගයෙන් මේක නිරූපනය වෙන්නේ නැති වෙයි. ව්‍යාපාර කරන්න පුලුවන් පරිසරයක් දැන් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. අපි අමාරුම කාළය පසුකර ගෙන යනවා. රටේ ආර්ථිකයට තවත් ශක්තියක් වේවී මේ රටේ ආනයන සීමා ලිහිල් කිරීම.අපිට එක රැයකින් ආනයන සීමා සියල්ල ලිහිල් කරන්න බෑ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව ඒ ණය හිමියන් සමඟ සාකච්ජා කරලා.ඒ අයගේ උපදෙස් අනුව අපි ලබන මාසයේ අග වෙද්දී මේ රටේ පවතින ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුව තියෙනවා.නමුත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සංඛ්‍යාලේඛණ පිළිබඳ අවධානය යොමු කරලා අපි දැනට එච්-එස් කෝඩ්ස් 1200 ක විතර තාවකාලික තහනමක්, කෙටි කාලීන තහනමක් භාණ්ඩ ආනයනයට පනවලා තියෙනවා. ඒ අතුරින් භාණ්ඩ ලබන සතිය වෙද්දී, ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක් ලිහිල් වේවී. ඒ භාණ්ඩ ආනයනය කිරීම රටේ ආර්ථික වර්ධනයට හේතුවක් වනවාද නැද්ද කියන කාරණය සලකා බලලා. මේ රටේ විදේශ මූල්‍ය පද්ධතියට බාධාවක් ඇති නොවෙන ආකාරයට මේ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. රුපියල අද ශක්තිමත් වෙමින් පවතිනවා. අපිට පිළිගත හැකි ස්ථාවරත්යක් ඇති වෙමින් පවතිනවා. අවුරුදු 18 වැඩි සියලු දෙනාටම බදු ගොනුවක් ආරම්භ කිරීම එදා සිට බදුගෙවීමක් ලෙස දකින්න එපා, බදු ගෙවිය යුතු සීමාවේ ඉන්න අයට පමණක් බදුගෙවීමට සිදු වේවී, බදු ගොනු ආරම්භ කිරීම බදුගෙවීම අනිවාර්ය කිරීමක් වන්නේ නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14