ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම මාසය තුළ මැති සබයට

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

සියලු දේශපාලන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

යෝජිත පනත් කෙටුම්පත මගින් බොහෝ විවාදයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඵලදායී ලෙස අහෝසි කරනු ඇති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර කිහිපයක සිට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මතභේදයට තුඩු දුන් කරුණක් වූ අතර යහපාලන රජය සමයේදී එය අහෝසි කිරීමට ද පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක නොවූ අතර ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ඉදිරිපත් කිරීමටයි වත්මන් රජය පියවර ගෙන ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 වසරේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඇති වූ ගැටුමේදී තාවකාලික පියවරක් ලෙස ක්‍රියාත්මක වූ අතර පසුව 1982 වසරේ දී එය ස්ථිර කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?