ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව බෙන්සෙමා ජගත් පාපන්දු පිටිය හැරයයි

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන කරීම් බෙන්සෙමා ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

පසුගිය ඉරිදා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රංශය ආර්ජන්ටිනාව හමුවේ ලැබූ තියුණු පරාජය අත්විඳීමෙන් දිනකට පසුව, කරීම් බෙන්සෙමා ඔහුගේ 35 වැනි උපන්දිනය දී තිබූ ඊයේ (19) දිනයේ දී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා තිබුණේ.

බෙන්සෙමාගේ කලවයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කටාර්හි පැවති ලෝක කුසලාන තරඟාවලිය ඔහුට අහිමි වූ අතර, පසුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉරිදා ලුසෙයිල් ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරඟයට සහභාගී වන ලෙස කළ ආරාධනය බෙන්සෙමා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ජාත්‍යන්තර පාපන්දු තරග තරඟ 97කදී ගෝල 37ක් රැස්කරගෙන ඇති බෙන්සිමා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?